ලෝක බැංකුව (World Bank) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සිදුකල පර්යේෂණ වලට අනුව ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම වයස්ගත වන රට ලෙස හඳුනාගෙන තිබෙනවා.
2030 වන විට: ජනගහනයෙන් 20% ක් වයස 60+ — එනම් 5 දෙනෙකුගෙන් 1 කෙනෙක් වැඩිහිටියෙක්.
2045 වන විට: ජනගහනයෙන් 25% ක් වයස 60+ — එනම් 4 දෙනෙකුගෙන් 1 කෙනෙක්.
2030 වන විට: මුළු වැඩිහිටි ජනගහනය මිලියන 5 ඉක්මවනවා.
මේක තමයි Silver Tsunami එක. 2004 සුනාමියට වඩා මේකේ ආර්ථික හානිය විශාල විය හැකි බව අනාවැකි පලවෙනවා.
මේකෙන් වෙන්නේ මොකක්ද?
ශ්‍රම ඵලදායිතාවය අඩුවීම
දළ දේශීය නිෂ්පාදනය (GDP) ට සෘජු බලපෑම
දරුවන් රැකියා / ඉගෙනුම් සඳහා විදෙස් ගතවීම නිසා තනියම ජීවත්වන වැඩිහිටියන් වැඩිවීම
වැඩිහිටියන්ට පුද්ගලික සත්කාර, ආරක්ෂාව සහ ආර්ථික සුරක්ෂිතතාවයේ දැඩි අවශ්‍යතාවයක්
විසඳුම බියවීම නොව, සැලසුම් කිරීමයි.
අපි කළ යුත්තේ:
1. ක්‍රියාකාරී වයස්ගතවීම (Active Aging)
ඇස් පෙනීම යථා තත්ත්වයට පත්කිරීම, බෝ නොවන රෝග (NCD) සඳහා සෞඛ්‍ය වැඩපිළිවෙල, ආර්ථික සවිබල ගැන්වීම.
2. සැහැල්ලු සහ බර රැකියා වෙන් කිරීම
අධිවේගී ටිකට් නිකුත් කිරීම, ත්‍රී-රෝද රථ පැදවීම වැනි සැහැල්ලු රැකියා ශක්තිමත් වැඩිහිටියන්ට ලබාදීම. ඉදිකිරීම්, කර්මාන්තශාලා, මහා පරිමාණ ගොවිතැන වැනි බර රැකියා තරුණ පරපුරට.
3. ජාතික සත්කාර කර්මාන්තයක් (Care Industry) ගොඩනැගීම
2030 වන විට වැඩිහිටියන් 50,000 කට පමණ දෛනික පුද්ගලික සත්කාර අවශ්‍ය වේවි. ඒ සඳහා NVQ සුදුසුකම් සහිත පුහුණු සත්කාරකයින් ලක්ෂ ගණනක් අවශ්‍යයි.
මේක රජයට තනියම කරන්න බෑ. රජය + පෞද්ගලික අංශය + පවුල් + පුහුණු ආයතන (NAITA, VTA, TVEC) එකතුව Public-Private Partnership එකක් ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
රට ගොඩනැගූ අපේ වැඩිහිටියන්ට ගෞරවනීය, සුරක්ෂිත, සත්කාර සහිත ජීවිතයක් ලබාදීම අපේ යුතුකමයි.
සත්කාර කර්මාන්තය ගොඩනැගීමට කාලය දැන්මයි. 2030 තව අවුරුදු 4යි.
By Mr. Samantha Liyanawaduge
2026-10-04
SILVER TSUNAMI එක සහ ශ්‍රී ලංකාවේ සත්කාර කර්මාන්තය